පුවත් හා විශේෂ අවස්ථා
2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ශ්‍රි ලංකා විභාග දෙපාර්තුමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර තිබු අතර මෙම විභාගය සඳහා ගිරි/ ගල්ගම්මුල්ල මයුරාවති මහා විද්‍යාලයෙන් ඉදිරිපත් වු දරුවන් අතරින් 18 දෙනෙකු කඩඉම් ලකුණ පසු කරමින් විද්‍යාලයට විශිෂ්ට කිර්තියක් ලබා දිමට සමත් වි තිබේ.
ව/ගිරි/ගල්ගම්මුල්ල මයුරාවතී මහා විද්‍යාලයට 2023/11/17 දිනය සුවිශේෂී දිනයක් බවට පත් විය. එයට හේතු වූයේ මෙම විද්‍යාලයට වසර 113ක් පමණ ගතවී ඇතත්, පාසල් සිසුන් සඳහා පානීය ජලය නොමැතිවීම මෙතෙක් නොවිසඳුනු මහත් ගැටළුවක්වී පැවතීමයි. ඒ සඳහා අප විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ හිටපු ලේකම් රත්නායක මහතාගේ සම්බන්ධීකරණය යටතේ නෙදර්ලන්තය හා අනුබද්ධිත Kansarman SL Foundation නමැති ආයතනයේ ඉදිරිපත් වීම අප සැමගේ සතුටට කරැණක් බවට පත්වූවා.
The English unit of our School had an English camp on 15 th of November 2023 to enhance the English Knowledge of grade 10 and 11 students and to increase the results of ( G.C.E O/L ) under the guidence of A.A.S.D.Priyadhashani ADE ( English ) Zonal Education office Giriulla.
ගිරිඋල්ල කලාපීය සියලුම පාසල්වල ප්‍රධාන හා උපප්‍රධාන ශිෂ්‍ය නායක / නායිකාවන් සඳහා නායකත්ව පුහුණු වැඩසටනක් හා කණ්ඩායම් ක්‍රියාකාරකමක් 2023 ක්වු ඔක්තොබර් මස 26 වන දින මයුරපාද විදුහලේදි සිදුවිය. මේ සඳහා මයුරාවති විදු පියසේ අභිමානය රැකගන්නා ප්‍රධාන හා උපප්‍රධාන ශිෂ්‍ය නායක / නායිකාවන් කිහිපදෙනෙක් සහභාගි විය.
ගිරි/ගල්ගම්මුල්ල මයුරාවති විද්‍යාලයේ පන්ති මට්ටමින් ආරම්භ කොට ඇති වගා සංග්‍රාමයේ නව පියවරක් එළි දක්වනු වස් කුඹුරු අස්වැද්දිමේ වැඩසටහනක් ආරම්භ විය.






