page-header-1900x320.jpeg
Slide
කුඹුරක් අස්වැද්දිම

කුඹුරක් අස්වැද්දිම

ගිරි/ගල්ගම්මුල්ල මයුරාවති විද්‍යාලයේ පන්ති මට්ටමින් ආරම්භ කොට ඇති වගා සංග්‍රාමයේ නව පියවරක් එළි දක්වනු වස් කුඹුරු අස්වැද්දිමේ වැඩසටහනක් ආරම්භ විය.

ඒ අනුව 8 ශ්‍රේණියේ සිසුන් සහ ගුරුභවතුන් විසින් සංවිධානය කරන ලද මෙහි ප්‍රථම පියවර වූ බිම් සකස් කිරිම ආරම්භ කල අතර සිසුන් දැඩි උනන්දුවකින් හා උද්යෝගයකින් මේ සඳහා සම්බන්ධ විය. එක් කුඹුරු කොටසක පැල වී වැපිරිමටත් අනිත් කුඹුරු කොටසේ ගොයම් පැල සිටුවිමටත් තිරණය විය. ඒ අනුව 2023.10.13 දින වප් මගුල් උත්සවය ආරම්භ වු අතර හෙළ සිරිතට අනුගත වෙමින් සියළු කටයුතු සිදු කෙරිණි. මෙහි විශේෂත්වය වූයේ පාසලේ බොහෝ සිසුන් පිරිසක් සහ ගුරුභවතුන් පිරිසක් සම්බන්ධ විමයි. එමෙන්ම මෙම අවස්ථාවට සිසුන් විසින් රැගෙන ආ ඇඹුල බෙදිමේ චාරිත්‍රයද මෙහිදි ඉතා සතුටින් සිදුකෙරිණි. 

ඒ අනුව මෙම වැඩසටහනේ මූලිකම අරමුණ වනුයේ තාක්ෂණික ලෝකය හඹා යමින් සිටින දූ දරුවන්ට අතීත කෘෂිකර්මාන්තයේ අගය වටහාදිමත් කෘෂිකර්මාන්තය කෙරෙහි ඔවුන් තුළ උද්යෝගයක් ඇති කිරීමත්ය.

 

කුඹුරක් අස්වැද්දිමට අදාළ පින්තූර ගැලරිය 

Latest News

2025 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උ‌ළෙල

          සිය වසරකට අධික පාසල් ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික දඔදෙණි පුරවරයේ මයුරාවති කෝරලයේ ගුණ නැණ බෙලෙන් සුපෝෂිත මානව සම්පතින් සපිරිම සදහා ප්‍රදිපස්ථමිභයක්  එදා මෙදා තුර ගිරිඋල්ල අධ්‍යාපන කලාපය ඒකාලෝක කළ මයුරාවති විදු පියසේ හි 2025 වර්ෂයේ නිවාසාන්තර  ක්‍රිඩා උළෙල 2025 වු පෙබරවාරි මස 11 වන  අඟහරුවාදා දින මෙසේ අභිමානවත් ලෙස සිදුකෙරේ . 

මයුරාවතියේ රන් අස්වනු මංගල්‍යය

මයුරාවතී කෝරළයේ දකුණු උඩුකහ හත්පත්තුවේ මනරම් පුණ්‍ය භූමියක පිහිටා ඇති මයුරාවතී විදු මාතාව සශ්‍රීකත්වයෙන් ඔප් නංවන්නට අපට මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා. ඒ සිතුවිල්ල පෙරදැරි කර ගනිමින් අපි මීට මාස කිහිපයකට මත්තෙන් පුංචි කුඹුරක් අස්වැද්දුවා. විදුහලේ 8 A,B පන්තිවල සිසුන් මේ කටයුත්තට යොමු කරන්නට පන්තිභාර ගුරුභවතුන් දෙපළ (S.N.A.ප්‍රියංගනී ගුරුතුමිය සහ Y.A.S.P.සුගන්දිකා ගුරුතුමිය) කටයුතු කළා. මේ කටයුත්ත සඵල කර ගන්නට දැනට අප පාසලේ කෘෂිකර්ම විෂය උගන්වන B.M.J.ශිවන්තිකා ගුරුතුමියත් නොමද සහයක් දැක්වූවා. අප විදුහලට ස්ථිර වශයෙන්ම කෘෂිකර්ම ගුරුවරයෙක් නොමැති මොහොතක මෙවැනි කර්තව්‍යයට සිසුන් යොමු කිරීමට ලැබීම සම්බන්ධයෙන් අපට තිබෙන්නේ සැගවුණු සියුම් සතුටක් සමඟ පුංචි ආඩම්බර හැඟීමක්.

5 ශ්‍රේණියේ දරු දැරියන්ගේ විවිධ ප්‍රසංගය - 2023

5 ශ්‍රේණියේ විෂය නිර්දේශයට ඇතුළත් විෂය සමගාමී හා වෛකල්පිත විෂය වැඩසටහන් ක්‍රියාවට නංවමින් දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් වර්ධනය කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

5 ශ්‍රේණියේ දරුවන්ගේ චිත්‍ර හා නිර්මාණ ප්‍රදර්ශනය

5 ශ්‍රේණියට පා තබන දරුවන්ගේ සහ එම දරුවන්ගේ දෙමව්පියන්ගේ මූලික ම අරමුණ ශිෂ්‍යත්ව විභාගයෙන් ජය ගැනීමය. ඒ සඳහා කළ හැකි උපරිම කැපවීම ගුරුවරුන් ; දෙමව්පියන් මෙන්ම දරුවන් ද කරනු ලබන්නේ මහත් බලාපොරොත්තුවෙනි. නමුත් මෙම ක්‍රියා දාමය තුළ දරුවන්ගේ නොයෙකුත් නිර්මාණශීලි හැකියාවන් සඳහා ලැබෙන ඉඩකඩ ඉතා සීමිත වනු ඇත.

2023 - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිෂ්‍ය කඳවුර

2023/11/27 දින ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අංශය මඟින් සංවිධානය කළ මෙම වැඩසටහනට කලාපයේ විවිධ විද්‍යාල වලින් සිසුන් පස්දෙනා බැගින් සහභාගී විය.මෙහිදී Arduino සම්බන්ධ කරගනිමින් නව නිර්මාණයන් කිරීමට උනන්දුවක් දක්වන සිසුන් සඳහා පුහුණුවක් පැවැත්විය.  ඒ අනුව මෙම වැඩසටහනට අප විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගනුම ලබන පහත සඳහන් සිසුන් සහභාගී වී ඔවුන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කරගන්නා ලදී.