"ලෝකයේ අවසානයට ඉතිරිවන්නේ බුද්ධිමත්ම සත්වයා හෝ ශක්තිමත්ම සත්වයා නොව වෙනස්වන පරිසරයට අනුව හැඩගැසුනු සත්වයාය." - (චාල්ස් ඩාවින්). ඉහත ප්‍රකාශය ගුරුවරයාටද අදාලය. වෙනස්වන නුතන ලෝකයට අනුව වෙනස්නොවන ගුරුවරයාද වඳවීයා හැකිය. දරුවන්ට යමක් දීමට නම් දරුවන් ළඟ තිබෙන දෙයට වඩා යමක් ගුරුවරයා ළඟ තිබිය යුතුය. එය දැනුම , අකල්ප, තාක්ෂණය, සාරධර්ම වැනි ඕනැම දෙයක් විය හැකිය. නුතන වැඩ ලෝකයට මුදාහරින දරුවන් නවීන තාක්ෂණය ඔස්සේ හැඩ ගැසීමට අපට සිදුවි ඇත. අප එයට සුදානම් විය යුතුය.