මතව ගමගෙදර මුර වත්තේ සිසුන් පස් දෙනෙකුගෙන් ආරම්භ වූ ගල්ගම්මුල්ල විද්‍යාලය කෙටි කාලයකින් උල්හිටියාව මහගෙදර ආරච්චිමහතා වූ ඩබ්.එච්.ඒ.කන්ඳප්පු මහතාගේ හා මහත්මියගේ ඉඩම් පරිත්‍යාගයෙන් අද දින පාසල පිහිටි භූමියේ ස්ථාපිත කරන ලදී.
ප්‍රදේශ වාසීන් තනාදුන් පොල් අතු සෙවිලි කළ තාවකාලික ගොඩනැගිල්ලක ප්‍රථම වරට මුල් ගුරුවරා වූ නාත්තන්ඩියේ ජයසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සරදියල් මහතා ඇතුළු තව උපගුරුවරයෙකුගේ සහයෙන් මුල්ම දරුවන්ට අකුරු කරවන ලදී. පාසල ආරම්භයේ දී ඉගෙනුම ලැබුවේ පිරිමි ළමුන් පමණි. දරුවන් අකුරු කරවූයේ වැල්ලේ ලියමිනි. අටවන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වූ අතර 8 ශ්‍රේණිය සමතුන්ට නක්කාවත්ත ගුරු මුහඳිරම් මහතාගේ විභාග සහතිකයෙන් මෙම විදුහලේම ගුරු පත්වීම් ලබා දෙන ලදී.
මෙම විදුහලට රජයෙන් පත්කරන ලද ප්‍රථම විදුහල්පතිවරයා වූයේ සේරම් මහතාය(1929-1936). මේ යුගය තුළ දැකිය හැකි විශේෂ ලක්‍ෂණයක් වන්නේ(1930-1956 කාලයේ) දෙමළ මාධ්‍යයෙන් ද අධ්‍යාපනය ලබා දීමට පාසල සමත් වීමයි. ඒ සදහා පැමිණි ප්‍රථම දෙමළ මාධ්‍ය ගුරුවරයා යාපනයේ සිට පැමිණි ඒ.නන්ඳසාර් මහතාය. විදුහලේ සියලුම සිසන් සදහා ඉරිදා දහම් පාසලක්ද අකණ්ඩව ක්‍රියාත්මක විය. 1960 දශකය ආරම්භයේදී අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල අධ්‍යාපන ඇමති තුමාගේ අනුග්‍රහයෙන් ගල්ගම්මුල්ල විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් විය. 1913 සිට මේ දක්වා විදුහල්පතිවරු 26 දෙනෙක් සේවය කර ඇති අතර විදුහලේ දියුණුව වෙනුවෙන් ඔවුන් සියලුදෙනාම ගත් උත්සහයන් ප්‍රශංසනීය වේ.






