page-header-1900x320.jpeg
Slide

ජනිතවූ මේ සිංහල දීපේ
වැජඹෙන දඹදෙණි රජදහනේ
දසදිග සුපතළ ගල්ගම්මුල්ලේ
මයුරාවති විදුහල් මාතා

යහගුණ බලයෙන් නිති සැරසෙන්නයි
සිප්සත නිති සලසා දෙන්නයි
ඔබ ගුණ බලයෙන් සිප් නැණ පහනින්//
ආලෝකය ලොව පැතිරෙන්නයි

දහසක් මල් මිණි මුතු වෙන්නයි
සිසු කැළගේ සිතුමිණ වෙන්නයි
රට දැය සමයට වැඩ ඇති දරුවන්//
ඔබෙ කුසයෙන් බිහි කරවන්නයි

කුළ දරුවන් උකුලට ගෙන්වයි
හෙළ විරුවන් යළි පනගන්වයි
කිතු ගොස පතුරා හෙළ රජ දහනේ//
සැරදේ අප විදුහල් මාතා///