පුවත් හා විශේෂ අවස්ථා
සිය වසරකට අධික පාසල් ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික දඔදෙණි පුරවරයේ මයුරාවති කෝරලයේ ගුණ නැණ බෙලෙන් සුපෝෂිත මානව සම්පතින් සපිරිම සදහා ප්‍රදිපස්ථමිභයක් එදා මෙදා තුර ගිරිඋල්ල අධ්‍යාපන කලාපය ඒකාලෝක කළ මයුරාවති විදු පියසේ හි 2025 වර්ෂයේ නිවාසාන්තර ක්‍රිඩා උළෙල 2025 වු පෙබරවාරි මස 11 වන අඟහරුවාදා දින මෙසේ අභිමානවත් ලෙස සිදුකෙරේ .
මයුරාවතී කෝරළයේ දකුණු උඩුකහ හත්පත්තුවේ මනරම් පුණ්‍ය භූමියක පිහිටා ඇති මයුරාවතී විදු මාතාව සශ්‍රීකත්වයෙන් ඔප් නංවන්නට අපට මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා. ඒ සිතුවිල්ල පෙරදැරි කර ගනිමින් අපි මීට මාස කිහිපයකට මත්තෙන් පුංචි කුඹුරක් අස්වැද්දුවා. විදුහලේ 8 A,B පන්තිවල සිසුන් මේ කටයුත්තට යොමු කරන්නට පන්තිභාර ගුරුභවතුන් දෙපළ (S.N.A.ප්‍රියංගනී ගුරුතුමිය සහ Y.A.S.P.සුගන්දිකා ගුරුතුමිය) කටයුතු කළා. මේ කටයුත්ත සඵල කර ගන්නට දැනට අප පාසලේ කෘෂිකර්ම විෂය උගන්වන B.M.J.ශිවන්තිකා ගුරුතුමියත් නොමද සහයක් දැක්වූවා. අප විදුහලට ස්ථිර වශයෙන්ම කෘෂිකර්ම ගුරුවරයෙක් නොමැති මොහොතක මෙවැනි කර්තව්‍යයට සිසුන් යොමු කිරීමට ලැබීම සම්බන්ධයෙන් අපට තිබෙන්නේ සැගවුණු සියුම් සතුටක් සමඟ පුංචි ආඩම්බර හැඟීමක්.
5 ශ්‍රේණියේ විෂය නිර්දේශයට ඇතුළත් විෂය සමගාමී හා වෛකල්පිත විෂය වැඩසටහන් ක්‍රියාවට නංවමින් දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් වර්ධනය කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
5 ශ්‍රේණියට පා තබන දරුවන්ගේ සහ එම දරුවන්ගේ දෙමව්පියන්ගේ මූලික ම අරමුණ ශිෂ්‍යත්ව විභාගයෙන් ජය ගැනීමය. ඒ සඳහා කළ හැකි උපරිම කැපවීම ගුරුවරුන් ; දෙමව්පියන් මෙන්ම දරුවන් ද කරනු ලබන්නේ මහත් බලාපොරොත්තුවෙනි. නමුත් මෙම ක්‍රියා දාමය තුළ දරුවන්ගේ නොයෙකුත් නිර්මාණශීලි හැකියාවන් සඳහා ලැබෙන ඉඩකඩ ඉතා සීමිත වනු ඇත.
2023/11/27 දින ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අංශය මඟින් සංවිධානය කළ මෙම වැඩසටහනට කලාපයේ විවිධ විද්‍යාල වලින් සිසුන් පස්දෙනා බැගින් සහභාගී විය.මෙහිදී Arduino සම්බන්ධ කරගනිමින් නව නිර්මාණයන් කිරීමට උනන්දුවක් දක්වන සිසුන් සඳහා පුහුණුවක් පැවැත්විය. ඒ අනුව මෙම වැඩසටහනට අප විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගනුම ලබන පහත සඳහන් සිසුන් සහභාගී වී ඔවුන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කරගන්නා ලදී.






