page-header-1900x320.jpeg
Slide

පානීය ජල පද්ධතිය විවෘත කිරීම සහ පෝස්ටරය එළි දැක්වීම

ව/ගිරි/ගල්ගම්මුල්ල මයුරාවතී මහා විද්‍යාලයට 2023/11/17 දිනය සුවිශේෂී දිනයක් බවට පත් විය. එයට හේතු වූයේ මෙම විද්‍යාලයට වසර 113ක් පමණ ගතවී ඇතත්, පාසල් සිසුන් සඳහා පානීය ජලය නොමැතිවීම මෙතෙක් නොවිසඳුනු මහත් ගැටළුවක්වී පැවතීමයි. ඒ සඳහා අප විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ හිටපු ලේකම් රත්නායක මහතාගේ සම්බන්ධීකරණය යටතේ නෙදර්ලන්තය හා අනුබද්ධිත  Kansarman SL Foundation නමැති ආයතනයේ ඉදිරිපත් වීම අප සැමගේ සතුටට කරැණක් බවට පත්වූවා.                            

                      ඒ අනුව ඉදි කරන ලද ඳළි සහ පානීය ජල සැපයුම් පද්ධතිය සඳහා විශාල වියදමක් දරා තිබුණු අතර දෙමාපියන් විසින් දැක්වූ නොමසුරැ සහයෝගය බෙහෙවින් අගය කළ යුතුවේ.

                     මෙම ජල සැපයුම් පද්ධතිය සිසු අයිතියට පැවරීමත්, ශ්‍රී ලංකාවේ පළමු වරට පරිසරයේ ජල සංස්කරණය පිළිබඳ "අපට රුධිරය මෙන් ලොවට ජලය" යන තේමාව සඳහන් පෝස්ටරය පාසල් ප්‍රජාව සඳහා එළි දැක්වීමත් මුල් කරගනිමින් 2023/11/17 දින ප්‍රණාම උළෙලක් සංවිධානය කර තිබුණි.
                     මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ  Kansarman SL Foundation ආයතනයේ නෙදර්ලන්ත මව් සමාගමෙහි සභාපති "යන්ග් වෑන් ස්ටීල්" මහතායි. ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ තාක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය මෙන්ම Kansarman SL Foundation ආයතනයේ අධ්‍යක්ෂවරැන් දෙදෙනෙක් වන චමින්ද ප්‍රනාන්දු පුල්ලේ මහතා සහ අරුණ ‌ෆොන්සේකා යන ආරාධිතයන්ගේ ද සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය විද්‍යාලයේ නැටුම්, සංගීත හා ඉංග්‍රීසි අංශවලින් ඉදිරිපත් කළ විචිත්‍රවත් අංග මගින් අලංකාර කර තිබූ අතර පාසල මගින්ද ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සමරැ තිළිණයක් පිළි ගැන්වීම විශේෂ අවස්ථාවක් බවට පත්වී තිබුණි.
                    එදින ප.ව. 13.30ට පමණ නිමා වූ මෙම උත්සව සභාව අමුත්තන් වෙත පිරිනැමුණු තේ පැන් සංග්‍රහයකින් නිමා වූ අතර අමුත්තන් කැඳවා ගෙන ඒම සඳහා සංවිධානය කර තිබූ උඩරට නර්තන අංග රැගත් පෙරහැර කාගේත් අවධානය දිනාගත් බව විශේෂයෙන් සඳහන් කළ හැකිය.              

 

පානීය ජල පද්ධතිය විවෘත කිරීමට අදාළ පින්තූර ගැළරිය                                                                                                                                                                                                                                                                                                                          

Latest News

2025 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උ‌ළෙල

          සිය වසරකට අධික පාසල් ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික දඔදෙණි පුරවරයේ මයුරාවති කෝරලයේ ගුණ නැණ බෙලෙන් සුපෝෂිත මානව සම්පතින් සපිරිම සදහා ප්‍රදිපස්ථමිභයක්  එදා මෙදා තුර ගිරිඋල්ල අධ්‍යාපන කලාපය ඒකාලෝක කළ මයුරාවති විදු පියසේ හි 2025 වර්ෂයේ නිවාසාන්තර  ක්‍රිඩා උළෙල 2025 වු පෙබරවාරි මස 11 වන  අඟහරුවාදා දින මෙසේ අභිමානවත් ලෙස සිදුකෙරේ . 

මයුරාවතියේ රන් අස්වනු මංගල්‍යය

මයුරාවතී කෝරළයේ දකුණු උඩුකහ හත්පත්තුවේ මනරම් පුණ්‍ය භූමියක පිහිටා ඇති මයුරාවතී විදු මාතාව සශ්‍රීකත්වයෙන් ඔප් නංවන්නට අපට මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා. ඒ සිතුවිල්ල පෙරදැරි කර ගනිමින් අපි මීට මාස කිහිපයකට මත්තෙන් පුංචි කුඹුරක් අස්වැද්දුවා. විදුහලේ 8 A,B පන්තිවල සිසුන් මේ කටයුත්තට යොමු කරන්නට පන්තිභාර ගුරුභවතුන් දෙපළ (S.N.A.ප්‍රියංගනී ගුරුතුමිය සහ Y.A.S.P.සුගන්දිකා ගුරුතුමිය) කටයුතු කළා. මේ කටයුත්ත සඵල කර ගන්නට දැනට අප පාසලේ කෘෂිකර්ම විෂය උගන්වන B.M.J.ශිවන්තිකා ගුරුතුමියත් නොමද සහයක් දැක්වූවා. අප විදුහලට ස්ථිර වශයෙන්ම කෘෂිකර්ම ගුරුවරයෙක් නොමැති මොහොතක මෙවැනි කර්තව්‍යයට සිසුන් යොමු කිරීමට ලැබීම සම්බන්ධයෙන් අපට තිබෙන්නේ සැගවුණු සියුම් සතුටක් සමඟ පුංචි ආඩම්බර හැඟීමක්.

5 ශ්‍රේණියේ දරු දැරියන්ගේ විවිධ ප්‍රසංගය - 2023

5 ශ්‍රේණියේ විෂය නිර්දේශයට ඇතුළත් විෂය සමගාමී හා වෛකල්පිත විෂය වැඩසටහන් ක්‍රියාවට නංවමින් දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් වර්ධනය කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

5 ශ්‍රේණියේ දරුවන්ගේ චිත්‍ර හා නිර්මාණ ප්‍රදර්ශනය

5 ශ්‍රේණියට පා තබන දරුවන්ගේ සහ එම දරුවන්ගේ දෙමව්පියන්ගේ මූලික ම අරමුණ ශිෂ්‍යත්ව විභාගයෙන් ජය ගැනීමය. ඒ සඳහා කළ හැකි උපරිම කැපවීම ගුරුවරුන් ; දෙමව්පියන් මෙන්ම දරුවන් ද කරනු ලබන්නේ මහත් බලාපොරොත්තුවෙනි. නමුත් මෙම ක්‍රියා දාමය තුළ දරුවන්ගේ නොයෙකුත් නිර්මාණශීලි හැකියාවන් සඳහා ලැබෙන ඉඩකඩ ඉතා සීමිත වනු ඇත.

2023 - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිෂ්‍ය කඳවුර

2023/11/27 දින ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අංශය මඟින් සංවිධානය කළ මෙම වැඩසටහනට කලාපයේ විවිධ විද්‍යාල වලින් සිසුන් පස්දෙනා බැගින් සහභාගී විය.මෙහිදී Arduino සම්බන්ධ කරගනිමින් නව නිර්මාණයන් කිරීමට උනන්දුවක් දක්වන සිසුන් සඳහා පුහුණුවක් පැවැත්විය.  ඒ අනුව මෙම වැඩසටහනට අප විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගනුම ලබන පහත සඳහන් සිසුන් සහභාගී වී ඔවුන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කරගන්නා ලදී.