1. පාසලට පැමිණීම
1.1 පාසල ආරම්භ වීමට විනාඩි 30කට පෙර පාසලට පැමිණිය යුතුය.
1.2 පාස්ල පැවැත්වෙන දිනවල දිනපතා පාසලට පැමිණිය යුතුය.
1.3 පාසලට නොපැමිණෙන දින 3 ඉක්ම වන්නේ නම් නැවත පැමිණෙන විට භාරකරු කැටුව පැමිණිය යුතුය.
1.4 උදෑසන පන්සිල් ගැනීමේදී සහ අවසාන ගාථා ගායනා කරන විට තමා ඉන්නා ස්ථානයේම එම කටයුතුවල නියැලිය යුතු. ඔබ මොබ ඇවිදීම කථා කිරීම සම්පූර්ණයෙන්ම වරදකි.
පළමුවන සීනුව නාද වන විට සියළුම වැඩ නවතා පන්ති කාමරවලට පැමිණිය යුතුය.
දෙවන සීනුව නාදවන විට සිසුන් පේළි වලට රැස්වීම් භූමියට පැමිණිය යුතුය.
රැස්වීම අවසානයේ නැවතත් පේළිවලට ගැහැණු /පිරිමි වෙන වෙනම පන්ති වලට යා යුතුය.
2. පාසලට පැමිණීමෙන් පසු
2.1 ඔබට අදාල පිරිසිදු කිරීම් කටයුතු පෙ.ව.7.30 ට පෙර අවසන් කරන්න.
2.2 උදෑසන රැස්වීමට සහභාගී වීම අනිවාර්ය වේ. එහෙ දී විදුහල් ගීතය හා ජාතික ගීතය නිසි පරිදි ගායනා කළ යුතුය.
2.3 පාසල ආරම්භ වීමෙන් පසු කොරිඩෝ වල ශාලා පිටුපස එළිමහන් පන්ති වල ක්‍රීඩා පිටියේ ගස් යට නිකරුණේ අනවශ්‍ය ලෙස කථා කරමින් නොසිටිය යුතුය.
2.4 ආපන ශාලාවට යා යුත්තේ පාසල ආරම්භ වීමට පෙර හා තමන්ට අදාල විවේක කාලයේදී පමණි .
2.5 පන්ති කාමරය තුල විදුහල් භූමිය තුල පුස්තකාලය තුල අනවශ්‍ය ලෙස ශබ්ද නගා කථා නොකළ යුතුය. පරුෂ වචන හෝ අසභ්‍ය වචන කුමන හෝ අවස්ථාවක දී වුවද පාවිච්චි නොකළ යුතුය.
2.6 ඉගෙනීමේ කටයුතුවලදී මෙන්ම විෂය බාහිර කටයුතු වලදී ද වගකීමෙන් යුතුව සහභාගි විය යුතුය.
2.7 විදුහලට පැමිණීමෙන් පසු ආපසු නිවස වෙත යන තෙක් බාහිර පුද්ගලයන් සමග සම්බන්ධතා නොපැවැත්විය යුතුය.
2.8 කිසියම් විෂයකට අදාල ගුරුභවතා නොපැමිණී විටෙක විෂය ප්‍රධානියා විසින් දෙන ලද පැවරුම් නිශ්ශබ්දව කළ යුතුය.
2.9 චරිත සහතික / අස්වීම් සහතික ලබා ගැනීමේදී ප්‍රගති වාර්තා පොත රැගෙන ආ යුතුය.(බදාදා දින පමණක් එම සහතික නිකුත් කරනු ලැබේ.)
2.10 ඉගෙනීම් උපකරණයක් නොවන පොත් පත් උපකරණ කිසිවක් විද්‍යාලයට නොගෙනා යුතු.
3. පන්ති වලින් බැහැරවීම.
3.1.ඉගැන්වීමේ කාලය තුල විශේෂ හදිසි අවශ්‍යතාවකට හැර කිසිදු සිසුවෙකු පන්ති කමරයෙන් බැහැරව නොයයුතුයි.
3.2.ඔබ පන්තියන් බැහැරවිය යුත්තෙ පන්තිභාර/විෂයභාර ගුරුභවතාගේ අවසර මත පමණි.
3.3.පන්ති කාමරයෙන් බැහැරව යාමේ දී සහ ආපසු ඒමේ දී පේළිට නිශ්ශබ්දව කඩිනමින් ගමන් කළ යුතුය.
4. පාසලෙන් වේලාසන බැහැරවීම.
4.1.කිසිම සිසුවෙකුට වේලාසන පාසලෙන් බැහැරවීමට අවසර දෙනු නොලැබේ.හදිසි අවශ්‍යතාවයක දී නිවසකට දුරකථනයෙන් දැනුම් දෙනු ලැබේ.
4.2.අසනීයක් නොවන වෙනත් අවශ්‍යතාවකට වේලසනින් බැහැරවීමට අවසර දෙනු ලබන්නේ දෙමාපියන් කැටුව යන්නේ නම් පමණි.
5.විදුහල අවසන් කිරීමේ දී හා බැහැරව යාමේදී
5.1.විදුහල අවසන් කිරීමට පළමුවන සීනුව නාද කළ පසු සියලුම සිසුන් තම පන්ති කාමර වලට පැමිණිය යුතුය.දෙවන සීනුව නාද වූ විට ඡත්ත මානව ගාථා ගායනා කොට පන්තිභාර ගුරුතුමියට ආචාර කොට සමුගෙන නිශ්ශබ්දව පේළියට නික්ම යා යුතුය.
5.2.පාසලෙන් බැහැරවීම ප්‍රධාන ගේට්ටුවෙන්ම විය යුතුය. පාපැදි වලින් ගමන් ගන්නා සිසුන් අවසානයට පිටවිය යුතුය.පිටවිය යුත්තේ පාසල් ගේට්ටුව දක්වා පාපැදිය තල්ලුකර ගෙන යාමෙනි.
5.3 ප්‍රධාන ගේට්ටුවෙන් පිටවී පයින් ළමුන් දෙදෙනා බැගින් ගැහැණු පිරිමි වෙන වෙනම පේළියට පාරේ දකුණු පසින් ගමන් කළ යුතුය.
5.4 ප්‍රධාන ගේට්ටුවෙන් පිටවී පයින් ළමුන් දෙදෙනා බැගින් ගැහැණු පිරිමි වෙන වෙනම පේළියට පාරේ දකුණු පසින් ගමන් කළ යුතුය. පාපැදි කරුවන් වම් පසින් එකිනෙකා පසුපස ගමන් කළ යුතුය.
5.5 බස් රථය පැමිණෙන තෙක් සිටින ළමුන් බස්නැවතුම තුළ හා බසය තුළ ඉතා ආචාරශීලීව හැසිරිය යුතුය.






