පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන්
1. කොණ්ඩය සහ රැවුල
1.1 විලාසිතාවලින් තොරව කොණ්ඩය කොට කපා (අගලක් පමණ) වම් ඇසට කෙලින් රොදය තබා පීරිය යුතුය.
1.2 හිසෙහි තෙල් හැර වෙනත් ආලේපන නොගැල්විය යුතුය.
1.3 දැළි රැවුල මුහුණෙහි පැහැදිළිව පෙනෙන විට රැවුල කැපීම ආරම්භ කළ යුතුය.
2. කමිසය
2.1 මෝස්තර රහිත තනි සුදුපාට රෙද්දකින් මසන ලද අත්කොට කමිසය පමණක් ඇඳිය යුතුය. එය කලිසමට යටකර ඇඳිය හැකි උසකින් යුක්ත විය යුතුය.
2.2 කමිසය සිරුරට ඉතා විශාල හෝ ඉතා තද නොවි යුතුය.
2.3 කර පියවන බොත්තම හා පහලින් ඇති බොත්තම අතර දුර අගල් 03ට නොවැඩි විය යුතුය.
2.4 කමිසයේ අත වැලමිටට අගල් 02 ක් ඉහළට සිටින සේ වාටිය මැසිය යුතුය.
2.5 කමිසෙට රැලි යෙදීම, වර්ණ හා විවිධ බොත්තම් ඇල්ලීම, ඇතුළු පැත්තට සාක්කු ඇල්ලීම නොකළ යුතුය.
2.6 කමිසයේ සාක්කුවේ දකුණු පස උඩ කෙළවරෙහි විද්‍යාලයීය නිල ලාංඡනය සාදා තිබිය යුතුය.
3. කලිසම
3.1 10,11,12,13, ශ්‍රේණි වල සිසුන් තනි සුදු දිගු කලිසම ඇදිය යුතුය.
3.2 කළිසමේ ඉනපුඩු (ලූප්ස්)නොයෙදිය යුතුය.
3.3 කලිසමේ ඉන පටිය අගල් 1.5 ක් පළලට තිබිය යුතුය ඉන පටිය හිර කරන හක් එක කලිසමේ හරි මැදට සව් නොකර දකුණු පසට අග 2 1/2 සිටින සේ සකස් කළයුතුය.
3.4 කලිසමේ ඉදිරි පසට එක පැත්තක අගල් 1%ක් ඇලට නමන ලද රැලි දෙකක් තිබිය යුතුය. රැලි නැතිව ඇඳීමට අවසර නැත.
3.5 කලිසම දෙපස සාක්කු කෙලින් මැසිය යුතුය පිටුපස තිබිය යුත්තේ වින සාක්කුවක් පමණි. එහි සාක්කු වැඩියෙන් නොතිබිය යුතුය
3.6 සිරුවෙන් සිටගත් විට කකුල් මේස් නොපෙනෙන පරිදි නමුත් සපත්තු පඩියේ සිට අගල් 1 ක් පමණ ඉහළට වාටිට්ය සිටිනසේ දිග කලිසම මැසිය යුතුය.
3.7 Fold එක තම සිරුරේ ප්‍රමාණය අනුව අගල් 16 - 20 අතර වන පරිදි මැසිය යුතුය.fold එකේ වාටිය අගල1 1/2ක් පළලට ඇතුලට තමා නූල් ඇද තිබිය යුතු අතර වාටිය පිටට නවා හෝ වාට්‍ය කුඩාවට මසා අඳීමට ඉඩ දෙනු නොලැබේ.
3.8 කලිසමේ ඉන හා දණහිස අතර කොටස ප්‍රමාණයට වඩා විශාලව හෝ කුඩාවට මසා අඳීමට ඉඩ දෙනු නොලැබේ.
3.9 නියමිත ඉන මට්ටමට වඩා පහළින් කලිසම ඇඳීමට කිසිසේත්ම ඉඩ දෙනු නොලැබේ.
4. කොට කලිසම
4.1 6- 9 ශ්‍රේණිය දක්වා පිරිමි ළමුන් කොට කලිසම් ඇඳිය යුතුය. එය තද හිල් පැහැ විය යුතුය.
4.2 කලිසමේ වාටිය තමාගේ දණහිසට අඟල් 1 ක් පමණ ඉහළින් වන සේ මැසිය යුතුය.
4.3 කලිසමේ වාටිය අගල් 1,1/2 ක් පළලට ඇතුලට නමා මැසිය යුතුය. එය කලවයේ ප්‍රමාණයට වඩා විශාලව හා හිරව නොමැසිය යුතුය.
4. 4 ඉහත. 3. 2, 3.8,3.4.3.5.3.9 කොට කලිසම් සඳහා අදාළ වේ.
5.පාවහන්
5.1 තද කළුපාට අමතර විලාසිතා රහිත සරල ලේස් සහිත පාවහන් පැළඳිය යුතුය. ඇත්කල් බූට්ස් පැළදීම සම්පූර්ණයෙන්ම තහනම්ය.
5.2 මේස් කළු පැහැ විය යුතුය. එහි උඩ කෙළවර ඉරි සහිත ඒවා නොවිය යුතුය.
5.3 කකුලේ ආබාධයක් ඇති විට පමණක් සෙරෙප්පු පැළදීමට අවසර තිබේ. සෙරෙප්පු පැළඳීමට හේතුව ගේට්ටුව අසල දී ශිෂ්‍ය නායක මණ්ඩලයට පත්තිභාර ගුරුතුමාට පැවසිය යුතුය. එවැනි අවස්ථාවකදී ඔබ පැළදිය යුත්තේ බුබුළු රහිත කළු පටි සෙරෙප්පු පමණි.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.




1 ශිෂ්‍යාවන්ගේ නිළ ඇඳුම
6.1 අඟල් 1 1/2 ක් පළල රැලි 11 ක් එක් පැත්තකට ඇතුලත්ව ගවුම මැසිය යුතුය. දණහිස දක්වා ගවුමේ උස තිබිය යුතුය.
6.2 කොලරය නිසි පරිදි තිබිය යුතුය. අගල් 3 ක් පළල් වීම සෑහේ. ඉදිරිපස විවරය අඟල් 3 1/2 ක් වීම සෑහේ.
6.3 අත්කට උරහිස මත විය යුතුය. උරහිසින් පහළට නොවැටිය යුතුය. රැලි නොතැබිය යුතුය.ගවුමේ අත උරහිස කෙලවර සිට වැලම්ට දක්වා අගල් 2 ක් විය යුතුය. අත අග විශාලත්වය අතේ ප්‍රමාණයට වඩා අගල් 1%ක් වැඩි නොවිය යුතුය.
6.4 පටිය අගල් 1/2 ක් පළල් විය යුතුය. ඉත වාට්‍ය නාභිය මට්ටමේ විය යුතුය.
6.5 සෑම ශිෂ්‍යාවක්ම විද්‍යාලයීය ටයි පටිය පැළදිය යුතුය. එය විදුහලට පැමිණ ආපසු නිවස වෙත යන තෙක්ම පැළදිය යුතුය.
2 පාවහන්
7.1 සුදු මේස් සහිතව සුදු සපත්තු පමණක් පැළඳිය යුතුය.
7.2 මේස් තවා පැළදිය යුතුය.
3 කොණ්ඩය
8.1 කන් කොවැසෙන පරිදි කොණ්ඩය මැදින් පීරා කරල් 2 ක් වන සේ ගොතා අගින් නවා කළු රිබන් පටිවලින් බැඳිය යුතුය.
8.2 කොටට කැපූ කොණ්ඩය ගෙතිය හැකි වනසේ පීරා කටු ගසා කළු රිබන් පටි වලින් බැඳිය යුතුය.
8.3 කිසි වීමටකත් කොණ්ඩය නළලට වැටෙන සේ අවුල්වී නොතිබිය යුතුය.


9.1 ආභරණ ලෙස පැළදිය හැක්කේ සාමාන්‍ය කරාබු ජෝඩුවක් පමණි. විවිධ වර්ණ මාල පාමුදු වළලු සහ නූල් පැළඳීම නොකළ යුතු අතර කරාබු කන් පෙත්තෙන් පහළට නොවැටෙන සේ පැළඳිය යුතුය.
9.2 මුදල් පසුම්බ භාවිතා නොකළ යුතුය.
9.3 ඇඳුම් හොඳින් සෝදා මැද පිරිසිදුව තිබිය යුතුය.
9.4 තවමත් විදුහලේ ඉගෙනීමට හිමිකම් ඇති සිසුන් විද්‍යාලයට පැමිණිය යුත්තේ නිල ඇඳුමින් පමණි.
9.5 තමා විදුහලෙන් අස්වූවද අවශ්‍යතාවයක් සඳහා විදුහලට පැමිණෙන විට විදුහලේ සහ තමාගේ ගෞරවය ආරක්ෂා වන පරිදි චාම් ඇඳුමකින් සැරසී පැමිණිය යුතුය.
9.6 පාසල් වේලාවෙන් අමතරව සිසුවෙකු පාසලට පැමිණෙන්නේ නම් (අමතර පන්ති / ක්‍රීඩා පුහුණු වීම්) නිල ඇඳුම අනිවාර්යයෙන් ඇඳිය යුතුය.
9.7 දිවා ආහාරය ගෙන ඒමේ දී පොලිතීන් භාවිතා නොකළ යුතුය. ඒ සඳහා කෑම පෙට්ටියක් භාවිතා කළ යුතුය.
9.8 ජංගම දුරකථන පාසලට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම්ය.
9.9 ව්දුහලෙන් සහතික ලබා ගැනීමට පැමිණෙන විට ඔබ ප්‍රගති වාර්තා පොත රැගෙන ආ යුතුය. එය සෑම වාරයකම පන්ති භාර ගුරුතුමා ලවා අත්සන් කර ගත යුතුය.
9.10 ccපාසලේ භෞතික සම්පත් ඔබ සඳහා වන බැවින් එහි ආරක්ෂාව ද ඔබේ වගකීම වේ.






