පුවත් හා විශේෂ අවස්ථා
2023 ඔක්තොම්බර් 06 දිනට යෙදුන ජාත්‍යන්තර ගුරු දිනය මයුරාවතී මහ විදු පියසේ ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි. මෙම ගුරැ අභිනන්දන උළෙල විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය මඟින් සංවිධානය කර තිබූ අතර පාසල් සංවර්ධන කමිටුවේ සහ දෙමාපියන්ගේ දායකත්වයද එක්වීමෙන් වඩාත් විචිත්‍රවත් වී තිබුණේ වෙනත් වසරවලට වඩා නව මුහුණුවරක් ගනිමිණි.
"සියල්ලන්ටම වඩා දරුවන් වටී" යන 2023 වසරේ තේමාව පෙරටුකර ගනිමින්, ලෝක ළමා දින උළෙල සමරන්නට, 2023 ඔක්තෝම්බර් 02 වන දින මයුරාවතී විදුපියස සූදානම් කර තිබුණි. පාසල් මව්තුරුලේ ඉගනුම ලබන සියලුම දූ පුතුන් සඳහා මෙදින සුවිශේෂී දිනයක් වූ අතර විවිධ වර්ණවත් ඇඳුමින් සැරසී විදු බිමට පැමිණි දරු කැළ, මුලින්ම ඔවුන්ගේ වයස්මට්ටම් අනුව සූදානම් කර තිබූ, විනෝද ක්‍රීඩා සඳහා සම්බන්ධ වෙමින් ඉමහත් ආශ්වාදයක් වින්දේ වසරේ වැඩි දින ගණනක් ගත කරන අසුන්ගත අධ්‍යාපනයෙන් මිදුණු මිටින් හළ සියොත් කැළකගේ අසිරිය මවා පාමිණි.
ව/කු/ගිරි/මයුරාවතී මහ විදුහල් මෑණියන් මයුරාවතී කෝරළය වෙත සිප් නැණ පහන් දැල්වීමෙන් ප්රඥාලෝකය සැපයීමේ මෙහෙවරට දැනට සිය වසකට අධික කාලයක් ගතවී තිබුණත් ප්‍රදේශයටම පොදු, සොබා දහමේ ගැටළුවක් ව පැවති වසරේ වැඩි කාලයක් ජල හිඟයකට මුහුණ පාන්නට සිදුවීම පාසල පවත්වා ගැනීමට මහත් බාධාවක්ව පැවතුණි. පාසල අවට මහජන නියෝජිතයන්ගේ මෙන්ම සුබ පතන්නන්ගේද සහායෙන් මෙවැනි දුෂ්කර කාලවකවානු පසුකිරීමට සිදුවූ මයුරාවතී විදු මෑණියන්ට 2023 වසරේ ස්ථීර ළිඳක් ඉදිකිරීමේ අරැණළු වැටෙන්නට වුයේ Kansarmen SL Foundation ආයතනය මඟින් පාසලට දක්වන ලද සුවිශේෂී අනුග්‍රහය නිසාවෙනි.
ශ්‍රී ලංකාවාසී ජනතාව සඳහා ස්ථිර සාර සංස්කෘතියකට මං හසර විවර කර දීම සිදුවූ "මහින්දාගමනය" සිහිගන්වමින්, 2023 වසරේ පොසොන් පුන් පොහොය දිනට සමගාමීව මයුරාවතී මහ විදු මව් තුරැළෙහි "ශීල සමාදාන වැඩසටහනක්" 2023ක්වූ ජුනි මස 31වන දිනට සංවිධානය කර තිබූ පාසල් සංවර්ධන සමිතියේ හා පාසල් අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද එකමුතුවෙනි.






