ශ්‍රී ලංකාවාසී ජනතාව සඳහා ස්ථිර සාර සංස්කෘතියකට මං හසර විවර කර දීම සිදුවූ "මහින්දාගමනය" සිහිගන්වමින්, 2023 වසරේ පොසොන් පුන් පොහොය දිනට සමගාමීව මයුරාවතී මහ විදු මව් තුරැළෙහි "ශීල සමාදාන වැඩසටහනක්" 2023ක්වූ ජුනි මස 31වන දිනට සංවිධානය කර තිබූ පාසල් සංවර්ධන සමිතියේ හා පාසල් අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද එකමුතුවෙනි.
මෙදින උදෑසනම පාසලට වැඩමවා වදාළ ගල්ගම්මුල්ල විහාරාධිපති හිමියන් ශීල සමාදානය සඳහා පැමිණි පිරිස උපෝසත අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ආරම්භ කරන ලද සිල් සමාදන් වීමේ වැඩසටහන හීල් දානය පිළිගැන්වීමෙන් පසුව වැඩමවා වදාළ හිමිවරැන්ගේ විචිත්‍ර ධර්ම දේශනා මඟින් හැඩ ගැන්වුන අතර උදෑසන සම්බුද්ධ පූජාව හා වන්දනා කිරීමේ කාර්යය වැඩමවා වදාළ හිමියන් විසින් භක්ති පූර්වකව සිදු කරන්නට යෙදුනි. අනතුරැව පැවති භාවනාමය වැඩසටහනින් පසුව දහවල් දානය පිරිනැමුණු අතර සවස් කාලය වෙන්කර තිබුණේ ධර්ම සාකච්ඡාව සඳහාය. සාරගර්භ දහම් කරැණු රාශියක්ම විමසුමට ලක්කළ, ධර්ම සාකච්ඡාවෙන් පසු භාගය සිල් පවාරණය සඳහා වෙන් කර තිබූ අතර ඒ සඳහා වැඩමවා වදාළ ස්වාමීන් වහන්සේ විසින් සිල්පවාරණය සිදු කරන ලදි. මෙදින පාසල් පරිශ්‍රයම මෙන් සිසිලෙන් නිවීගිය, බුද්ධා ලම්බන ප්‍රීතියෙන් ඇළලීගිය අතර විද්‍යාලයීය තවත් අමතක නොවන සැමරැම් රාශියක් එක් කරමින් පොසොන් ශීල සමාදාන වැඩසටනෙහි සමාප්තිය සටහන් කෙරැණේ, කාලෝචිත පිටුවක් පාසල් ඉතිහාසයට එක් කරමිනි.






