මයුරාවතී විදු මව්න්ගේ විධිමත් පැවැත්ම තහවුරු කිරිමට උර දෙන ශිෂ්‍ය ප්‍රජාවගේ වැදගත් නියෝජනයන් දෙකක් ලෙස ශිෂ්‍ය නායක මණ්ඩලය හා පංති නායක නායිකාවන් හඳුන්වා දිය හැකිය.2023 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලයට මෙන්ම පන්ති නායක නායිකාවන් සඳහා ද නිල ලාංජන පැළඳවමින් බලගැන්විමේ දිනය 2023 මැයි මස 25 වෙනි දිනට යෙදි තිබුණා.
මේ වෙනුවෙන් උදැසන රැස්විම් භුමිය වෙනදා නොවු මුහුණුවරකින් කළ් එළි ගන්වා තිබුණේ විද්‍යාලයේ විදුහල්පති රංජිත් පතිරණ මහතාගෙන් ප්‍රමුඛ නියෝජ්‍ය විදුහල්පති වරුන් හා ශිෂ්‍ය නායක මණ්ඩලයේද ප්‍රමුඛත්වය රැස්වීම් භුමියට කැඳවා ගනිමිනි.
ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් විදුහල්පති තුමන් අතින් නිල ලාංජන පළඳවා ගැනිමෙන් අනතුරුව දෙමාපියන් අතින් ශිෂ්‍ය නායක මණ්ඩලයටද විදුහල්පති තුමන් අතින් හා නියෝජ්‍ය විදුහල්පති වරුන් අතින් පංති නායක නායිකාවන්ටද පැළඳවිම සිදු කෙරුණි. නායකත්වයේ යුතුකම් හා වගකිම් හඳුන්වා දෙමින් සිදු කෙරුණු විදුහල්පති තුමන්ගේ දැනුවත් කිරිම්ද සමගින් මෙදින පැවති සරල මෙන්ම චාම් උත්සවය සමාප්තියට පත්වන්නේ අභිනව වසර සඳහා පංති නායක නායිකාවන් යන පිරිස මෙන්ම ශිෂ්‍ය නායක නායිකාවන්ද විදු මව් තුරුළට ඵක් කරමිණි.






